Terms and Conditions | කොන්දේසි සහ නීති

  • Home
  • Terms and Conditions | කොන්දේසි සහ නීති
  • Lanka PTC හි සාමාජිකයකු හෝ දැන්වීම්කරුවෙකු වේවා මෙම සේවා කොන්දේසි, ඔබට අදාළ වේ.
Lanka PTC හි ලියාපදිංචි වන විට, ඔබ මෙම සේවා කොන්දේසි වල පහත සඳහන් නියමයන් සහ කොන්දේසි කියවා, තේරුම් ගත පසු සාමාජික ෆෝරමය පිරවීමෙන් පසු ඒවාට එකග වූ ලෙස සලක සාමාජිකත්වය පිරිනමනු ලැබේ.
ඔබ මෙම කිසිදු කොන්දේසියකට එකඟ නොවන්නේ නම්, ඔබ ලියාපදිංචි නොවිය යුතු අතර කිසියම් නියමයන් සහ කොන්දේසි පැහැදිලි නොමැති නම් ඒවා නිරාකරණය කරගෙන ලියාපදිංචිය සිදුකල යුතුයි.

Terms and Conditions | කොන්දේසි සහ නීති


1. සාමාජික ෆෝරමය පිරවීමෙන් පසු ඔබට Lanka PTC හි සාමාජිකත්වය ලැබෙන අතර, ඔබගේ email ලිපිනය හෝ ජංගම දුරකථනය හරහා ඔබගේ ගිණුම verify වනු ඇත. ඔබ සාමාජිකත්වය ලබාගත් පසු ඔබ අපගේ පහත කොන්දේසි සහ නීති වලට යටත්ව අපගේ සේවාවන් ලබාගැනීමට හැකියාව ඇත.

2. පවතින තත්වයන් මත සහ සාමාජිකයින්ගේ ඉල්ලීම් අනුව කලින් කලට මෙම කොන්දේසි සහ නීති වෙනස් විය හැකි අතර ඒවාට අනුගත වීමට සියලුම සාමාජිකයින්ට සිදු වේ.

3. ඔබගේ ගිණුම වෙත මසක් ඉක්මවා කාලයක් තුල සාර්ථක ලෙස log වීමට නොහැකි උවහොත් ගිණුම අක්‍රීය තත්වයට පත්වනු ඇත.

4. එක email ලිපිනයක් සහ දුරකථන අංකයක් භාවිත කල හැක්කේ එක ගිණුමක් සදහා පමණි.

5. එකම ගිණුමක් තුල සාමාජික පැකේජයන් එකක් හෝ කිහිපයක් මිලදී ගත හැකි අතර එක එක  පැකේජය සදහා වෙන වෙනම ඇඩ්ස් ලැබෙනු ඇත.

6. එක ගිනුමක එකම වටිනාකමක් සහිත පැකේජයන් එකක් පමණක් ක්‍රියාත්මක කල හැකි අතර වෙනස් වටිනාකම් සහිත පැකේජයන් තබා ගත හැක. සියලුම වටිනාකම් රුපියල් (Rs.) වලින් දක්වා ඇත.

7. ඔබගේ ගිණුමේ ඇති තොරතුරු වල නිවැරදිභාවය ඔබ විසින් තහවුරු කරගත යුතු අතර ඔබට ඒවා ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ හැකියාව ඇත. නමුත් email ලිපිනය සහ දුරකථන අංකය මෙලෙස වෙනස් කල නොහැක.

8. ඔබට එකම ජංගම දුරකතනයකින් හෝ පරිගණකයින් ගිණුම් එකකට වඩා සකස් කරගෙන භාවිතා කල හැකි අතර ඒවා සදහා වෙන වෙන email ලිපින සහ දුරකථන අංක භාවිත කල යුතුයි.

9. ඔබගේ ගිණුමට යොදන මුරපදය හදිසියේ අමතක උවහොත් "Reset Password" යන ලින්ක් එක හරහා මුරපදය වෙනස් කිරීමේ හැකියාව ඇත.

10. මධ්‍යම රාත්‍රී 12.00 සිට ඊළඟ දින රාත්‍රී 12.00 දක්වා අතරතුර ඔබගේ සාමාජික පැකේජයට ලැබෙන ඇඩ්ස් නැරබීම සිදු කල යුතුයි. පැය 24ට වරක් බැගින් නැවත නව ඇඩ්ස් ලැබීම සිදුවේ.

11. ඇඩ්ස් නැරබීමෙන් පසු ලැබෙන ගණිතමය ගැටලුවට නිවැරදි පිළිතුර යෙදීමෙන් එම නරබුමට අදාල කොමිස් මුදල (දින 28ට 20% කි) ඔබගේ ගිණුමට එකතු වනු ඇත.

12. එක පැකේජයක් සදහා දිනකට එක (1) ඇඩ් එකක් බැගින් ලැබේ. ඔබ සාමාජික පැකේජයන් කිහිපයක් මිලදී ගෙන ඇතිනම් එක් එක් පැකේජය සදහා වෙන වෙනම ඇඩ්ස් ලැබේ. ඒවා වෙන වෙනම වරකට එක බැගින් නැරබීම සිදුකල යුතුයි.

13. Free Plan පැකේජය හැර අනිකුත් පැකේජයන් මුදල් ගෙවා මිලදී ගත හැකි අතර එයට නියමිත කොමිස් මුදල් දිනපතා අදාල ඇඩ්ස් නැරබීමෙන් ඔබගේ ගිණුමට එකතු වෙනු ඇත. මෙය ඔබගේ "my balance" හි දක්වනු ඇත.

14. එදිනට අදාල ඇඩ්ස් නැරබීමට නොහැකි උවහොත් එදිනට අදාල කොමිස් ඉපයීම් ඔබට නොලැබී යනු ඇත.

15. අදාල පැකේජයන් මිලදී ගැනීම සදහා ආයතනයේ බැංකු ගිණුම් වෙත මුදල් ගෙවා අදාල slip පත හෝ online transfer confirmation එක අදාල මෙනු එක මගින් upload කල යුතුයි. එහිදී නිවැරදි අගය යටතේ අදාල slip හෝ online transfer confirmation එක පමණක් upload කල යුතුයි.

16. බැංකුව විසින් අදාල plan මිලදී ගැනීම verify වූ පසු ඔබට පැකේජය buy කිරීම සිදු කල හැක. මෙහිදී අදාල පැකේජයේ වටිනාකම ඔබගේ "my balance" වෙත එකතු වේ. ඔබ plan එක buy කල විට ඔබගේ balance එකෙන් අඩුවෙමින් plan එක active වීම සිදුවේ.

17. "my balance" ඇති මුදල් මගින් නව පැකේජයන් මිලදී ගැනීම හෝ withdraw කිරීම සිදුකල හැක.

18. පැකේජය මිලදී ගත දින සිට වසරක් (දින 365) නික්ම යන තෙක් එම පැකේජය වලංගු වනු ඇත.

19. ඔබ අලුතින් පැකේජයක් මුල් වරට මිලදී ගන්නේ නම්, එදිනට අදාල free plan එකෙහි ඇඩ්ස් නැරබීම වැළකීම මගින් එදින සිටම ඔබට ඇඩ්ස් නැරබීම කළහැකි අතර නැතිනම් ඇඩ්ස් ලැබෙන්නේ ඊළඟ දිනයේ සිට වේ.

20. ඔබට ඔබගේ යහළුවන්, නෑදෑයින් හෝ අනිකුත් පුද්ගලයින් මෙම සේවාව සමග සම්බන්ද කල හැකි අතර එය අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස ඔබගේ referral ලින්ක් එක මගින් යම් අයකු ලියාපදිංචි උවහොත් සහ ඔවුන් සිදුකරන සියලුම පැකේජයන් මිලදී ගැනීම් සදහා බෝනස් කොමිස් මුදලක් (5%) ලැබෙනු ඇත.

21. ඔබගේ ගිණුමේ ශේෂය රුපියල් 150ක් ඉක්මවූ විට ඔබට withdraw කල හැක.

22. Withdraw කිරීම සදහා ලංකාවේ ඇති ඕනෑම බැංකු ගිණුමක් යොදා ගත හැක. එම ගිණුම ඔබගේ නමට පැවතීම අවශ්‍ය නැත.

23. මුල් withdraw එක රුපියල් 5,000/= ට වඩා අඩු නම් නැවත රුපියල් 5,000/= ට අඩු මුදලක් withdraw කිරීම සදහා දින 3ක් ගතවන තෙක් සිටිය යුතු අතර, ඊට වැඩ වැඩි මුදලක් withdraw කරන්නේ නම් මෙලෙස දින 3ක් තෙක් සිටීම අවශ්‍ය නොවේ.

24. ඔබගේ withdraw පැය 24ක් ඇතුලත process කරනු ලබන අතර, ඊළඟ පැය 24 තුල ඔබගේ ගිණුමට බැර වනු ඇත.

25. ඔබ withdraw එකක් යොමු කල පසු, එය cancel කිරීම සිදුකල නොහැක. එසේ කිරීමට අවශ්‍ය නම් ඔබට අප වෙත දැවීම අවශ්‍ය වේ.


26.  ඔබට ඉහල කොමිස් මුදලක් ලබාදෙන්නේ ඔබගේ ආයෝජනයන් විදේශ මුදල් වෙළඳාම තුල ආයෝජනය කොට ඉන් ලැබෙන 
ලාභය මගිනි. [යටතින් ඇති අපගේ "සාමාන්‍ය අවදානම් ඇඟවීම සහ හෙළිදරව් කිරීම" කොටස කියවන්න].

සාමාන්‍ය අවදානම් ඇඟවීම සහ හෙළිදරව් කිරීම


ආයෝජනයක් තුල සාමාන්‍ය රීතියක් ලෙස අවදානමක් ඇතුලත්ව පවතී.

විදේශ මුදල් වෙළඳාම සමපේක්ෂන සහ අවදානම් සහිත වේ.

මෙය යෝග්‍ය වන්නේ, මූල්‍යමය සහ වෙනත් අවදානම් සම්බන්ධ අවබෝධයක් ඇති සහ භාර ගැනීමට කැමති අයට සහ සමහර විට අලාභ තත්වයන්ට උව  ඔරොත්තු දීමට හැකි අයට පමණි. ආන්තිකය මත විදේශ විනිමය වෙළඳාම් කිරීම අවදානමක් ඇති අතර, සියලු ආයෝජකයින් සඳහා සුදුසු නොවේ.

විදේශ මුදල් වෙළඳාමේදී ලෝක ආර්ථිකයේ ඇතිවන වෙනස්වීම් තදින් බලපාන නිසා සෑම දිනකම එකම ලෙස ලාභ ලැබීම සිදු නොවිය හැක.

සමහර ගනුදෙනු කාලයක් තිස්සේ තබා ගෙන සිටීමට සිදුවන අවස්ථා දැකිය හැකිය. සමහර අවස්ථාවලදී අලාභයන්ට ලක්වීමටද ඉඩ ඇත.

විදේශ විනිමය වෙළඳාම හා සම්බන්ධ සියලු අවදානම් පිළිබඳව ඔබ දැනුවත් විම සහ අවශ්‍ය විටෙක මුල්‍ය උපදේශකයින්ගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

ඉහත සඳහන් කළ පරිදි, සිදු කරන ලද ආයෝජනවල සාර්ථකත්වය හෝ ලාභය දිනපතා ඒකාකාර  නොවන බැවින් සමහර අවස්ථාවලදී ලාභයන් ලබාදීමේදී ප්‍රමාදයන් ඇතිවිය හැකි අතර ඒවා ඔබට නිවේදන මගින් කලින් කලට දැනුම් දෙනු ඇත. මෙනිසා ඔබගේ ආයෝජනය කල් පිරෙන දිනය වෙනස් විය හැක.