ආයෝජනයක් තුල සාමාන්‍ය රීතියක් ලෙස අවදානමක් ඇතුලත්ව පවතී.
විදේශ මුදල් වෙළඳාම සමපේක්ෂන සහ අවදානම් සහිත වේ.
මෙය යෝග්‍ය වන්නේ, මූල්‍යමය සහ වෙනත් අවදානම් සම්බන්ධ අවබෝධයක් ඇති සහ භාර ගැනීමට කැමති අයට සහ සමහර විට අලාභ තත්වයන්ට උව ඔරොත්තු දීමට හැකි අයට පමණි. ආන්තිකය මත විදේශ විනිමය වෙළඳාම් කිරීම අවදානමක් ඇති අතර, සියලු ආයෝජකයින් සඳහා සුදුසු නොවේ.
විදේශ මුදල් වෙළඳාමේදී ලෝක ආර්ථිකයේ ඇතිවන වෙනස්වීම් තදින් බලපාන නිසා සෑම දිනකම එකම ලෙස ලාභ ලැබීම සිදු නොවිය හැක.
සමහර ගනුදෙනු කාලයක් තිස්සේ තබා ගෙන සිටීමට සිදුවන අවස්ථා දැකිය හැකිය. සමහර අවස්ථාවලදී අලාභයන්ට ලක්වීමටද ඉඩ ඇත.
විදේශ විනිමය වෙළඳාම හා සම්බන්ධ සියලු අවදානම් පිළිබඳව ඔබ දැනුවත් විම සහ අවශ්‍ය විටෙක මුල්‍ය උපදේශකයින්ගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
ඉහත සඳහන් කළ පරිදි, සිදු කරන ලද ආයෝජනවල සාර්ථකත්වය හෝ ලාභය දිනපතා ඒකාකාර නොවන බැවින් සමහර අවස්ථාවලදී ලාභයන් ලබාදීමේදී ප්‍රමාදයන් ඇතිවිය හැකි අතර ඒවා ඔබට නිවේදන මගින් කලින් කලට දැනුම් දෙනු ඇත. මෙනිසා ඔබගේ ආයෝජනය කල් පිරෙන දිනය වෙනස් විය හැක.